හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් බව කියන රුපියල් කෝටි 74ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ තුන්සීයක (රු. 30,000,000) මුදලක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයා, එම සිද්ධිය සම්බන්ධයෙන් අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය.
ගබ්බෙල මොහොට්ටාලගේ නිහාල් සිසිර කුමාර නැමති මෙම සැකකරු, තමන් ස්වේච්ඡාවෙන් මෙම ප්‍රකාශය ලබා දීමට සූදානම් බව සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන් අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ මෙම විශේෂ ප්‍රකාශය සටහන් කරගැනීම සිදු විය. මෙම රහස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය පියවර ගත් අතර, මෙම ප්‍රකාශය හරහා අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනවලට තීරණාත්මක තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














