කොළඹ කොටස් හුවමාරුවේ සුවිශේෂී සංධිෂ්ඨානයක් පසුකරමින් අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16000 සීමාව ඉක්මවා ගියේය. දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.9 කින් ඉහළ ගොස් ඒකක 16 348.5ක් දක්වා ඉහළ ගියේය.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඒකක 111.9කින් ඉහළ ගොස් ඒකක 4974.0ක් දක්වා ඉහළ ගියේය. එසේම අද දිනයේදී වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 12. 8ක් විය.