බගවන්තලාව කොටියාගලදී වැටලීමක්
ගැරීමට යොදාගත් උපකරණත් අත්අඩංගුවට
බගවන්තලාව, කොටියාගල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (09) සිදුකළ මෙම වැටලීමේදී මැණික් ගැරීම සඳහා භාවිත කළ උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














