පවතින වාතාවරණය මත කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය කිරීම තහනම් කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර තිබෙනවා.
මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා සඳහන් කර ඇත්තේ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන කට කතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.
මේ වන විටත් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට කොත්මලේ ජලාශයභාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබෙන බවද හෙතෙම පැවසිය.
ඉදිරියේදී කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවා.
අධ්‍යක්ෂකවරයා මේ බව පැවසුවේ ඊයේ දින (09) පස්වරුවේ කොත්මලේ ජලාශයේ වේල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.













