ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගිය ස්වීඩන් ජාතික කාන්තාවකගේ කැමැත්තකින් තොරව ඇයගේ රහස් ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස පැමිණිලි කර ඇත්තේ 32 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවකි. ඇය තම ඉලඇට ප්‍රදේශයේ ඇතිවූ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට අදාළ පෞද්ගලික රෝහලට ගොස් ඇති අතර, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් එක්ස් කිරණ පරීක්ෂණයක්, රුධිර පරීක්ෂණයක් සහ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නිර්දේශ කර ඇත.
අදාළ පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී ස්කෑන් පරීක්ෂණය මෙහෙයවූ පුද්ගලයා ඇයගේ කැමැත්තකින් තොරව රහස් ප්‍රදේශය ද ස්කෑන් කර ඇති බවත්, එම පරීක්ෂණයට අදාළ කිසිදු වාර්තාවක් තමා වෙත ලබානොදුන් බවත් ඇය පොලිසියට පවසා තිබේ. මේ පිළිබඳව ලද පැමිණිල්ල මත ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














