විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථන භාවිතය වළක්වාලීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
මෙම මෘදුකාංගය හඳුන්වාදීම හැකි ඉක්මනින් සිදුකිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් ඇති අතර මේ හේතුවෙන් ඉදිරියේදී නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳපොළේ බහුලවීම තුළින් මිල ගණන් පහළ යෑමක් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කළේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘‘අප ආයතනයේ අනුමැතිය නොමැති කිසිම ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි අනුමැතිය නොමැති දුරකථන භාවිත කිරීම වළක්වාලීමට තමයි අපි නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙන්නේ. අනවසර ජංගම දුරකථන නිසා මේ වනවිට අප සමාජයේ සිදුවී ඇති අනීතික ක්‍රියා අවම කර රටේ ජංගම දුරකථන පාවිච්චි කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණක්. අනවසර ජංගම දුරකථන මගින් සිදුකරන සමාජ විරෝධී වැඩ අවම කිරීම, ජංගම දුරකථන මගින් අයථා ගනුදෙනු කරන පුද්ගලයන් හඳුනාගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම ද මින් අපේක්ෂා කරනවා.’’