ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලතින් ඇමරිකානු කලාපය ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද මෑතකාලීන ප්‍රකාශ, ජාත්‍යන්තර දේශපාලනයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
විශේෂයෙන්ම කොලොම්බියාව, මෙක්සිකෝව සහ වෙනිසියුලාව සම්බන්ධයෙන් ඔහු දක්වන දැඩි ස්ථාවරය හරහා පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදය සිය ජාතික ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය මර්දනය උදෙසා අසල්වැසි රාජ්‍යයන් කෙරෙහි වඩාත් ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සූදානම් වන බවයි.
එක්සත් ජනපදයට ඇතුළු වන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රමාණය පාලනය කිරීමට එම රටවල් අසමත් වන්නේ නම්, හමුදා ක්‍රියාමාර්ග ගැනීමට පවා තමන් පසුබට නොවන බවයි ට්‍රම්ප් අවධාරණය කර තිබෙන්නේ.
කොලොම්බියානු ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළ ට්‍රම්ප්, ඔහු “කොකේන් නිෂ්පාදනය කරමින් ඇමරිකාවට විකුණන රෝගී මිනිසෙකු” ලෙස හඳුන්වමින් පවසා සිටියේ මෙම තත්ත්වය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි.
එසේම, මෙක්සිකෝවේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ආධිපත්‍යය හමුවේ එරට ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම් අසරණ වී ඇති බවත්, එරට පාලනය ඇයගෙන් ගිලිහී ඇති බවත් ට්‍රම්ප්ගේ මතයයි.
ඇමරිකානු වැඩපිළිවෙළට වෙනිසියුලානු පරිපාලනය සහාය නොදක්වන්නේ නම්, එරටට එරෙහිව දෙවන හමුදා ප්‍රහාරයක් පවා එල්ල කළ හැකි බවට ඔහු අනතුරු අඟවා තිබෙන්නේ වෙනිසියුලාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ස්ථාවරය වඩාත් බරපතළ මුහුණුවරක් ගනිමින්.
කෙසේ වෙතත් මෙය ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර පාලනයට එල්ල කරන ඍජු තර්ජනයක් ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයෝ මෙය පෙන්වා දි තිබෙනවා.














