බොහෝ දෙනා කොවිඩ් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට උත්සාහ කරන අතර රාජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරයකින් තොරව කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් එසේ ප්‍රකාශයන් නිකුත් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තදින් ක්‍රියා කිරීමට කොවිඩ් විශේෂ කමිටු රැස්වීමේදි තීරණය කළ බවත් එම කමිටුව ප්‍රකාශ කරනවා.
ගාල්ල කරාපිටිය රෝහලේ මිය ගිය බිළිදා සම්බන්දයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් වී ඇති බවත් ඒය වෛද්‍ය ආචාර ධර්මයන්ට පටහැනිව බවත් මෙම කමීටු රැස්වීමේ දී සදහන් වුණා.
කෙසේ වෙතත් මේ වන විට රට තුළ පැතිර යන කොවිඩ් වෛරසය ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේදයක් වන බවත් ඒ පිලිබද අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එමෙන්ම එම ගාල්ල කරාපිටිය මිය ගිය බිළිදාගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කළ පුද්ගලයින් සොයා ඔවුන් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමටද මෙම කමිටුවේදී තීරණය වුණා.