පක්ෂය කුමක් වුවත් කොළඹ මහ නගර සභාව පිහිටුවීම වෙනුවෙන් ඔවුන්ට උදව් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසා සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් අවශ්‍ය වන්නේ රට අරාජක වීමට නොදී පළාත් පාලන ආයතන නන්නත්තාර වීමට ඉඩ නොදී බලය පිහිටුවා වැඩ කළ යුතුව ඇති බවයි මාන්නප්පෙරුම මහතා සඳහන් කරන්නේ.
ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කළ හොත් ඔවුන්ට ද උදව් කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසා තිබෙන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වු අජිත් මාන්නප්පෙරුම මහතා,
”අපි හිතන්නේ නගරාධිපති වෙනවද,උප නගරාධිපති වෙනවද කියන එකට එහා ගිහිල්ලා අපි හිතන්නේ රටේ පළාත් පාලන ආයතන ස්ථාවරභාවයක් තියෙන්නේ ඕනේ. ඒ නිසා අපි බලය පිහිටුවීම සඳහා ඕනෑම කෙනෙකුට උදව් කරනවා.”
මේ වන විට සමඟි ජන බලවේගය ඇතුළු සෙසු කණ්ඩායම් සමඟ සාකච්ජා පැවැත්වෙන බවද මාන්නප්පෙරුම මහතා කියාසිටියි.