කොළඹ වරාය කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් බලගන්වමින්, නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) තුන්වන ජැටියේ මෙහෙයුම් කටයුතු අද (23) නිල වශයෙන් ආරම්භ විය.
මෙම ආරම්භය සනිටුහන් කරමින් ලොව ප්‍රධාන පෙළේ නැව් සමාගම් තුනකට අයත් නෞකා තුනක් එකවර මෙම නව තටාකාංගණය වෙත පැමිණීම විශේෂත්වයකි.
වරාය අධිකාරියේ පූර්ණ ආයෝජනය හා අධීක්ෂණය යටතේ ඉදිකරන මෙම පර්යන්තය, හෙක්ටයාර 75ක භූමියක් පුරා විහිදී ඇති අතර එහි මුළු දිග මීටර් 1320කි.
දැනට එහි ඉදිකිරීම් කටයුතුවලින් 82%ක් පමණ අවසන් කර ඇති අතර, මෙහෙයුම් කටයුතු සඳහා නවීන ගැන්ට්‍රි දොඹකර 12ක් සහ ස්වයංක්‍රිය අංගණ දොඹකර 40ක් යොදා ගැනේ.
2025 වසරේදී බහාලුම් ලක්ෂ 5ක් මෙහෙයවා ඇති මෙම පර්යන්තය, සම්පූර්ණ ඉදිකිරීම් නිම වූ පසු වසරකට බහාලුම් මිලියන 1.5ක් හැසිරවීමේ ධාරිතාවයකින් යුක්ත වනු ඇත.












