පිළිකාවට එරෙහිව සාර්ථක සටනක වැදගත් මඟ පෙන්වීමක් ලෙස, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් විසින් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක් සොයාගැනීමට සමත් වී ඇත.
පිළිකාව යනු මිනිස් ශරීරයේ අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වීමක් වන අතර, මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මරණයට පවා කරගෙන යා හැකිය. ගෝලීය වශයෙන් වසරකට මිලියන 10කට ආසන්න පිරිසක් පිළිකා මරණයට ගොදුර වන අතර, ශ්‍රී ලංකාවේදී වසරකට 15,000 සිට 20,000 දක්වා මරණ වාර්තා වේ.
මෙවැනි තත්ත්වයක් අතරතුර, විද්‍යාඥයින් සහ වෛද්‍යයන් ලොව පුරා පිළිකා සෛල නාශක නව ප්‍රතිකාර සොයා ගැනීමට අධික අවධානය යොමු කරමින් සිටින අතර, පසුගිය දිනවල රුසියාවද “එන්ටරොමික්ස්” නමින් නව පිළිකා එන්නතක් සාර්ථකව නිෂ්පාදනය කළ බව නිවේදනය කළේය.
කොළඹ සරසවියේ පර්යේෂණය දීර්ඝකාලීනව 2008 වසරේ ආරම්භ වී වසර 17කට ආසන්න කාලයක් ගත කර සිදුකර තිබේ. එහිදී අණුක ජීවවේදය සහ ජාල ඖෂධවේදය වැනි නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින්, ශාක 5ක ඖෂධීය ගුණාංග එකට යොදාගෙන සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත් බව පර්යේෂකයින් කියයි.
මෙම ශාක පස් වන්නේ:
-
වර්නෝනියා සෙයිලනිකා (Vernonia zeylanica)
-
නිගෙලා සටීවා (Nigella sativa)
-
හෙමයිඩෙස්මස් ඉන්ඩිකස් (Hemidesmus indicus)
-
ලුකාස් සෙයිලනිකා (Leucas zeylanica)
-
ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra)
පර්යේෂණ කණ්ඩායමට මග පෙන්වූ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් සහ විද්‍යාඥයින් පිරිස පවසන්නේ, මෙම ශාක සම්මිශ්‍රණයෙන් සෑදූ නව ඖෂධය ප්‍රායෝගිකව පිළිකා සෛල විනාශ කිරීමට හැකි බවයි