රුපියල් කෝටියක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ විදේශිකයා 34 හැවිරිදි රුසියානු ජාතික තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙක්.
එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී ඊයේ (23) පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔහු මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර, සකස් කර, ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බවටයි.
සැකකරු ඊයේ (23) පස්වරු 12.50 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ, නිදා ගැනීමට භාවිත කරන කොට්ටයක් තුළ, මෙසේ අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 50 ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස සගවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රුසියානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, ලබන 29 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගැනීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය විසින් ක්‍රියාත්මකයි.