රුපියල් මිලියන 25ට අඩු ණය ගැනුම්කරුවන්ගෙන් 99%කට, තම ණය මුදල් බැංකු සමග නැවත සාකච්ඡා කර ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් රජය විසින් ලබා දීමට කටයුතු කර තිබේ.
මහ බැංකුවේ දත්ත අනුව රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහා ද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර අනෙකුත් ණය ගැනුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙන බව ත් ඒ අනුව සඳහන් වේ.
ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විත බව ත් ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ බව වැඩිදුරට ත් එම අමාත්‍යාංශය පැවසීය.