ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ඇති බව එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කර සිටියේ පවතින රැකියා පුරප්පාඩු සඳහා මෙම කැදවීම් සිදු කර තිබෙන බවයි.
මෙහි විශේෂත්වය වන්නේ කිසිදු දේශපාලන හෝ නිලධාරී මට්ටමෙන් ඒ සඳහා බලපෑමක් නොමැති වීමයි.
විශාල වශයෙන් මුදල් ලබාගෙන එම රැකියා අවස්ථා සඳහා පුද්ගලයන් ඇතුළත් කිරීම මීට පෙර සිදු කර ඇති බවද රාජකරුණා මහතා පවසා සිටියා.
පවතින ඇබෑර්තු සඳහා අයදුම්පත්‍ර යොමු කරන අය බඳවා ගැනීමේ දී ඔවුන් කිසියම් දැන හැඳුනුම්කමක් මත පැමිණ ඇති බවට අනාවරණය වුවහොත් අදාළ පුද්ගලයා එම රැකියාව ලබා ගැනීමට නුසුදුස්සෙක් බවත් ඔහු පවසා සිටියා.