කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ඓතිහාසික නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (01) රාත්‍රියේ අතිඋදම් වත්ව වීදි සංචාරය කිරීමට නියමිතව ඇත. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ මෙන්ම බැතිමතුන්ගේ ඉහළ ආකර්ෂණය දිනාගත් මෙම පෙරහැර මංගල්‍යය මෙවරත් උඩරට, පාත රට සහ සබරගමු නැටුම් කණ්ඩායම් රැසකගේ සහ අලි ඇතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
අද රාත්‍රී 07.00ට පමණ ආරම්භ වන අවසන් පෙරහැර කොළඹ නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත සහ පේරේරා මාවත ඔස්සේ වීදි සංචාරය කර යළි විහාරස්ථානයට ගෙවැදීමට නියමිතය. පෙරහැර නිමිත්තෙන් කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ද සලසා ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.














