කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ලබන 05 වැනිදා සිට 10 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ අනුව දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනය වනු ඇත. දිනපතා පෙරවරුවේ මෙම ප්‍රදේශවලින් පිටත්වන දුම්රියන් රාත්‍රී කාලයේදී යළි ගමන් ආරම්භ කළ ස්ථානයන් බලා ධාවනය වීමට නියමිත අතර, කොළඹට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.













