මෙරට පාතාල නායකයෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “පූකුඩුකන්නා” නමැත්තාගේ මස්සිනාට අයත් රුපියල් කෝටි 22ක් පමණ වටිනා කොකේන් සහ මත්පෙති තොගයක් ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (29) සොයාගනු ලැබීය.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ රට අභ්‍යන්තරයේදී මෙතරම් විශාල කොකේන් තොගයක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි. වැටලීම අවස්ථාවේදී පූකුඩුකන්නාගේ මස්සිනා වන “ෂේනරි” නමැත්තා පලාගොස් ඇති අතර, නිවසේ සිටි ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අදාළ නිවසේ අල්මාරියක සඟවා තිබූ කිලෝ 4යි ග්‍රෑම් 423ක කොකේන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් කෝටි 20ක් වන අතර, එහි තිබී සොයාගත් මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 2ක් බව පොලිසිය තහවුරු කරයි. ඉහළ පෙළැන්තියේ පුද්ගලයන් අතර ජනප්‍රිය මෙම මත්ද්‍රව්‍යවල ග්‍රෑම් එකක මිල රුපියල් 40,000 ඉක්මවන බව ද අනාවරණය වී තිබේ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම සිදු කරන ලදී.














