සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී ඊයේ (19) උදෑසන සිදුවූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්නගේ මෘත දේහය භාරගැනීම සඳහා මෙතෙක් කිසිදු ඥාතියෙක් පැමිණ නැහැ.
මේ වන විටත් සංජීවගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තිබෙන බව විශ්වාස ආරංචිමාර්ග විසින් පවසා සිටියා.