ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිය අනන්‍යතාවය භාවිතා කරමින් රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීම හරහා මූල්‍ය වංචාවක නිරත වී ඇති බවට විපක්ෂ මන්ත්‍රී පිරිසක් චෝදනා කරති.
අද (08) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට කොන්ත්‍රාත් කටයුතුවල නිරත වීම සපුරා තහනම් බවයි. එවැනි කොන්ත්‍රාත් හරහා මුදල් ලබා ගැනීම මන්ත්‍රී ධුරය අහෝසි වීමට බලපාන ප්‍රධාන කරුණක් බව ද ඔවුහු අවධාරණය කළහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ මන්ත්‍රීවරු සූදානම් වෙති.














