ගාල්ල බන්ධනාගාරයේ සිරමැදිරි තුළ ඊයේ (23) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ ජංගම දුරකතන 03ක් සහ සිම්පත් කිහිපයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබේ. මීට අමතරව, බන්ධනාගාරයෙන් පිටත සිට පුද්ගලයෙකු විසින් තාප්පයෙන් ඇතුළට විසි කරන ලද පාර්සලයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත. එම පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබී ජංගම දුරකතන චාජර්, දුම්කොළ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන පැකට්ටුවක් ද හමු වී තිබේ. අත්අඩංගුවට ගත් දුරකතන විමර්ශන සඳහා බන්ධනාගාර මූලස්ථානය වෙත යැවීමටත්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සඳහා ගාල්ල පොලිසිය වෙත භාර දීමටත් කටයුතු යොදා ඇත.
















