මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ, එම ගැටුමට සම්බන්ධ කිසිදු පාර්ශවයකට ශ්‍රී ලංකාවේ වරාය හෝ ගුවන්තොටුපළ පහසුකම් ලබා නොදීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර නීතිය සහ ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය (Neutrality) ආරක්ෂා කරමින් මෙම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා අවධාරණය කරයි.
විශේෂයෙන්ම, මාර්තු 04 වැනිදා ‘IRIS Dena’ නෞකාව ගිල්වා දැමීමෙන් පසු, මාර්තු 09 වැනිදා කොළඹ වරායට පැමිණීමට අවසර ඉල්ලා තිබූ ඉරාන යුද නෞකාවක් වන ‘IRIS Bushehr’ නෞකාව සිය ගමන කඩිනම් කර මාර්තු 05 වැනිදා වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබුණි. ජාත්‍යන්තර නීතියට අනුව යුද පවතින අවස්ථාවක මධ්‍යස්ථ රටක වරායක රැඳී සිටිය හැක්කේ පැය 24ක කාලයක් පමණක් වුවද, එම කාලසීමාව ඉක්මවා රැඳී සිටීමට ඉරානය ඇතුළු අනෙකුත් ගැටුම්කාරී රටවල් කර තිබූ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














