අනාගතයේදී රට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී සහතික වුණා.
ටෙන්ඩර් පටිපාටිය හරහා තෝරාගත් නව සමාගම, පෙර පැවති ඕමාන් සමාගමට වඩා අඩු මිලකට (ඩොලර් සත 15කින් අඩු) ගෑස් සැපයීමට එකඟ වී ඇති බවත් නව ගිවිසුමට අනුව ප්‍රථම ගෑස් නෞකාව ජනවාරි 5 වනදා වන විට දිවයිනට ළඟා වීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසුවා.
අමාත්‍යවරයා පැවසුවේ විපක්ෂය අනියත බියක් මවාපෑමට උත්සාහ කරන බවත්, නිසි කළමනාකරණය යටතේ ජනතාවට බාධාවකින් තොරව ගෑස් ලබා දෙන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
“පසුගිය දිනවල ගෑස් ලබාදුන්නේ ඕමාන් සමාගම තමා. ඕමාන් සමාගමට වඩා ඩොලර් සත 15ක් අඩුයි අලුත් සමාගමක් ටෙන්ඩරයට ඉල්ලුම් කරා. ඒ අනුව ටෙන්ඩර් කමිටුව ඒ අලුත් සමාගමට ලබාදුන්නා. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. තත්ත්ව පරීක්ෂා කරන්න අනුමැතිය දීලා තියෙනවා. පළමු නැව ජනවාරි 5 වෙද්දි ලංකාවට එනවා. කිසිදු ආකාරයක ගෑස් හිඟයක් ඇති වෙන්නේ නෑ. බොරුවට බියවද්දන්න එපා. රටක් විදියට අපි සියලුදෙනා එකාවන්ව නැඟිටිනවා. ඒ අධිෂ්ඨානය අපිට තියෙනවා.”














