1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ කිසිදු වෙනස්කමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියා.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසල ලද ප්‍රශ්න හමුවේයි
1990 සුවසැරිය පදනමේ ගිලන්රථ සේවයේ නම වෙනස් කර 1990 ශ්‍රී ලංකා හදිසි වෛද්‍ය සේවය වශයෙන් නම වෙනස් කරනවාද ? සහ එම ගිලන්රථ වල වර්ණය වෙනස් කරන ලෙසත් පවසා තිබුණා. මේ සදහා රජය විසින් ප්‍රතිපත්ති තිරණයක් ගෙන තිබෙනවා ද
පාට වෙනස් කරන්නේ ඇයි මොන ලැජ්ජනැති වැඩක් ද යනුවෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දි පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 1990 අංකය හෝ සුවසැරිය යන නාමය වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි
නමුත්, සුවසැරිය සේවාව ගුණාත්මකව වර්ධනය කර නවීකරණය කිරීම සඳහා අයවැයෙන් මිලියන 5,000 වෙන් කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.
එමෙන්ම සුවසැරිය ගිලන්රථවල දැනට පවතින වර්ණය ද වෙනස් කිරීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.