පෙබරවාරි 05 – පානදුර ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 14 හැවිරිදි සිසුවෙකු, ගුරුවරයෙකු ලබා දුන් අවවාදයකින් පසු ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ තෙවැනි මහලෙන් බිමට පැන බරපතළ තුවාල ලබා තිබේ. පසුගිය 03 වැනිදා පාසලේ පැවති ප්‍රදර්ශනයක් සම්බන්ධයෙන් අදාළ සිසුවා තැබූ සටහනකට (Comment) ගුරුවරයෙකු විසින් අවවාද කර ඇති අතර, ඉන් අනතුරුව සිසුවා මෙලෙස බිමට පැන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. බරපතළ තුවාල ලැබූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ හිසේ හදිසි ශල්‍යකර්මයක් ද සිදු කර ඇති බව වාර්තා වේ. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














