• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු සේවයට බඳවා ගන්නැයි ඉල්ලා ඉසුරුපාය වටලති – විරෝධතාව විසුරුවයි

3 December 2024
in දේශීය, පුවත්
ගුරු සේවයට බඳවා ගන්නැයි ඉල්ලා  ඉසුරුපාය වටලති – විරෝධතාව විසුරුවයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

වසර 5ක් තිස්සේ රට පුරා පාසල්වල ඉගැන්වීම් කටයුතු කරමින් සිටින සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් ඊයේ (02දා) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවර්ධන නිලධාරීන් 500කට අධික පිරිසක් පැවැත්වූ විරෝධතාව අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු 10 දෙනෙක් තුවාල ලැබූහ.

එම විරෝධතාවේ කලහකාරී අන්දමින් හැසිරුණු පුද්ගලයන් සිව්දෙනකු තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවැසීය.

මෙම විරෝධතාව ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරි එකමුතුව විසින් සංවිධානය කර තිබිණි. බත්තරමුල්ලේ සිට මෙම පිරිස පාගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කිරීම නිසා මාර්ග අංක 174 කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හට ගැනිණි.

පාගමනින් පැමිණි ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරි එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පොස්ටර් ද අතැතිව විරෝධතාවේ නිරත වූහ.

මෙහිදී පාසල් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් කතා කළ විරාජ් මනරංග මහතා මාධ්‍යයට මෙසේ පැවැසීය.

“අපි මේ ආණ්ඩුවට කල් දුන්නා. ආණ්ඩුව ස්ථාවර වෙනකම් බලන් හිටියා. සාකච්ඡා පැවැත්වූවා. හැබැයි මේ ආණ්ඩුව මේ ගැටලුවට විසඳුම් දෙන්නෙ නැතිව වෙන වෙන විසඳුම් තීරණය කරලා තියෙනවා. අපිට ඒවා එපා. අපි ඒවා භාරගන්න සූදානම් නැහැ. අපි මේ වෙනකොට වසර 5ක් තිස්සේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරමින් ඉන්නවා. ඉගැන්වීම් සිදුකරමින් ඉන්න මේ පිරිසට ආපසු විභාගයක් පවත්වන්න සූදානම් වෙනවා කියලා ආරංචියි.

අවුරුදු 5ක් පාසල්වල උගන්වපු මේ පිරිසට ආපහු විභාග තියලා චෙක් කරන්නෙ මොකටද? විභාග පාස් කරලා උපාධියක් අරගෙන තමයි මේ ඔක්කොම ඉන්නෙ.

“අධ්‍යාපන ඇමැතිතුමිය මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් දුන්නෙ නැති වුණොත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අපි ආරම්භ කරනවා. “අනම් මනම් වානා ගුරුම තමයි ඕනා.”

මෙලෙස ඔහු මාධ්‍ය හමුවේ පැවසීමත් සමග එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. මේ සමග පොලිසිය එම පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දැරීමත් සමග උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.

“කෝ අර නායකයාව ගන්න” යැයි කියමින් පොලිසිය කටයුතු කරනු දැකගත හැකි විය.

මෙහිදී පොලිසිය පන්න පන්නා අමානුෂික අයුරින් පහරදුන් බවත්, අලුතින් බලයට පත්වූ ආණ්ඩුවට සිය අප්‍රසාදය පළ කරන බවත් සංවර්ධන නිලධාරීහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.

ඉතා සාමකාමී අන්දමින් පැවැත්වූ විරෝධතාවට පොලිසිය එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බවද ඔවුහු පැවසූහ.

Post Views: 22
Previous Post

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Next Post

පළාත් පාලන ඡන්දයට යළි නාමයෝජනා කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් පාලන ඡන්දයට යළි නාමයෝජනා කැඳවයි

පළාත් පාලන ඡන්දයට යළි නාමයෝජනා කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුමින්ද යළි රිමාන්ඩ්

දුමින්ද යළි රිමාන්ඩ්

26 June 2025
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025
තවත් බිහිසුණු අනතුරක් (photo)

තවත් බිහිසුණු අනතුරක් (photo)

26 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

26 June 2025

Recent News

දුමින්ද යළි රිමාන්ඩ්

දුමින්ද යළි රිමාන්ඩ්

26 June 2025
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025
තවත් බිහිසුණු අනතුරක් (photo)

තවත් බිහිසුණු අනතුරක් (photo)

26 June 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුමින්ද යළි රිමාන්ඩ්

දුමින්ද යළි රිමාන්ඩ්

26 June 2025
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved