ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අද (28) උදෑසන අනතුරට ලක්වීමෙන් ඒ මහතා ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන හමුවකට සහභාගී වීම සඳහා මුම්බායි නුවරින් පිටත්ව ආ මෙම යානය, බරමති ගුවන් තොටුපළට ගොඩබැසීමට උත්සාහ කිරීමේදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබේ.
අනතුර සිදුවූ වහාම සහන සේවා කණ්ඩායම් සහ ආරක්ෂක අංශ එම ස්ථානයට යොමු කර ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
ප්‍රාන්ත දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන අජිත් පවර් මහතාගේ හදිසි වියෝව හේතුවෙන් සමස්ත ඉන්දියාවම දැඩි කම්පනයට පත්ව ඇති අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.














