ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ සභාපතිවරයා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් එවූ ලිපියක කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළුවීම සඳහා වූ විශේෂ අවසර පත්‍රයක් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් උන්වහන්සේ එවූ ලිපියකට අනුව කටයුතු නොකිරීම නිසා සභාපතිවරයා ඉවත් කළ බවට පැතිර යන පුවත් අසත්‍ය බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
අමාත්‍යාංශය පැහැදිලි කරන්නේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ පරිපාලන ව්‍යුහයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සහ ඉදිරි සංවර්ධන කටයුතු සැලකිල්ලට ගනිමින් ජනවාරි 21 වනදා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
බානගල උපතිස්ස හිමියන්ගේ ජාත්‍යන්තර ආගමික කටයුතු සැලකිල්ලට ගනිමින් උන්වහන්සේගේ අවසර පත්‍රය දීර්ඝ කිරීමට අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබූ බවත්, හිටපු සභාපතිවරයා විසින් නිසි කොන්දේසි සහිතව එම ලිපිය ජනවාරි 9 වනදා උන්වහන්සේ වෙත යොමු කර තිබූ බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව මෙම ධුරය වෙනස් කිරීම සහ අදාළ ලිපිය අතර පවතින බව කියන සම්බන්ධය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.














