• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොනාට කලින් කරත්තේ දාලා වැඩක් නෑ – ඇමැති පාඨලි

21 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදු අපේක්‍ෂකයාට පෙර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොදු සන්ධානය, රට ගොඩනගන පොදු වැඩපිළිවෙල, රට ගෙනයන පොදු නායකත්වය ප‍්‍රකාශ කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එය ගොනාට කලින් කරත්තේ දාලා හරියන්නේ නෑ මෙන් දෙයක් බව අමාත්‍යවරයා පැවසිය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල කොටුවේ, ගෝල් දි ගොල් ශාලාවේ පැවැති ජාතික මග ගාල්ල සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ රටේ ජනාධිපතිවරණයක් ඕනේ නම්, ඒ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෝ ඕනෙනම් ඒ සඳහා මේ සාමාන්‍ය පෙළ, උසස් පෙළවත් සමත් නැති පවුලේ සාමාජිකයෝ හතරපස් දෙනෙක් එකතු කරගෙන ඡන්දයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ ගොල්ලො මේ රටේ දැන උගත් සමාජයට කරන බලගතු අවමානයක් අපහාසයක්. අද මේ රටට මොකද්ද ඕනේ. මේ රටට අවශ්‍ය අද අපේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක්. ඒ වගේම සමාජ සාමය, මේ රට හදන්න, රට රකින්න විතරක් නෙමෙයි රට නිවන්න පුළුවන් සමාජ දේශපාලන බලවේගයක්. ඒ වගේම අපේ ණය බර තුරන් කරලා අපේ රට ණය නැති රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ආර්ථික කි‍්‍රයාදාමයක්. ඒ වගේම රටේ ජනතාවට යුක්තිය සාධාරණය ඉටුවන නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දෙන රටේ යුක්තිය සාධාරණය, නීතිය ඉටුවන අවංකත්වය රජයන සමාජයක්.

වාද විවාදවලට, මතවාදවලට පැටලෙන්නේ නැතිව රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ඉදිරියට ගෙනයන් පුළුවන් ප‍්‍රායෝගික වාදයක්. ගහකොළ, මහපොළව සතා සිව්පාවත් රැක ගත්ත පරිසරයත් එක්ක එකට යන තිරසර සංවර්ධනයක්. ඒකට මොකද කෙරෙන්න ඕනේ. මේකට මේ රටේ අද ඉන්නවා, මේ මැතිවරණයේ ඉන්න ලොකුම බලවේගය එක්සත් ජාතික පක්ෂයවත්, පොහොට්ටුවේ පොදුජන පෙරමුණවත්, ජනතා විමුක්ති පෙරමුණවත්, හෙළ උරුමයවත් වෙන පක්ෂ නෙමෙයි අද මේ රටේ තිබෙන ලොකුම බලවේගය. අද මේ රටේ තිබෙන ලක්ෂ 160 ක ඡන්දයෙන් ලක්ෂ 50 ක් ම ඉන්නේ මොනම පක්ෂයකටවත් බැඳිච්ච නැති නොබැඳි දැන උගත් මිනිසුන් ටිකක් තමයි මේ රටේ. ඒ දැන උගත් මිනිස්සු තමයි අනාගත ජයග‍්‍රාහකයා තීරණය කරන්නේ ඒ නිසා එක එක පක්ෂවලට අපේක්ෂකයෝ ඉදිරිපත් කළාට ඒ අය ජය ගන්නේ නැහැ. මේ දැන උගත් ලක්ෂ 50 මොකද කරන්නේ කියන එක ගැන අද රටට අත්‍යාවශ්‍යයි. ඒ නිසා ඒ ලක්ෂ 50 ට රටට අවශ්‍ය වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒවා කරන්නේ කවුද කියන එකත් රටට දැන ගන්න අවශ්‍යයි.

එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියලව, මේ ගාල්ලේ අමරසිරි දොඩංගොඩ මහත්මයලව එක්සත් ජාතික පක්ෂයේ වසර 12ක පාලනය ඉවර කරලා පාලන බලයට ගෙනාවේ අන්න ඒ නොබැඳි මැදිහත් බලවේගය. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියව බලයෙන් පහ කරන්න 2002-2003 රනිල් වික‍්‍රමසිංහ මහත්මයාව කරලියට ගෙනාවෙත් ඒ බලවේගය. 2015දී කිසිම ප‍්‍රශ්නයක් නැතිව ජය ලබනවයි කියල හිතපු මහින්ද රාජපක්ෂ මහත්මයාව ඒ සිංහාසයෙන් ඇදලා දැම්මේ ඒ සමාජ බලවේගය විසින්. ඒ වගේම අනාගතයේ ඒ දේශපාලනය තීරණය කරන්නෙත් ඒ ඒ පක්ෂවල කට්ටිය නෙමෙයි, මෙන්න මේ සමාජ බලවේගය විසිනුයි.ඒ නිසා මම නැවත අවධාරණය කරනවා ලක්ෂ 50 ක් කිසිම පක්ෂයකට නැහැ. කිසිම පක්ෂයකට, කිසිම සුළු ජාතික කණ්ඩායමකට එවැනි බලයක් නැහැ. එම බලය තිබෙන්නේ මේ නිදහස් නොබැඳි ජනතා බලවේගයටයි. ඒ ජනතා බලවේගය ප‍්‍රතිපත්තියක් මත, වැඩපිළිවෙලක් මත, විශ්වසනීය නායක පරපුරක් මත දේශපාලන හමුදාවක් බවට පරිවර්ථනය විය යුතුයි.

පළමුව ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිර්මාණය කරන්න පුළුවන් පුළුල් සංධානයක් ඇති කර ගත යුතුයි. දෙවනුව ඒ පුළුල් සංධානයට ඉහළින් කි‍්‍රයාත්මක වන මේ රටේ ණය බර ගෙවන්න පුළුවන්, මේ රට ආර්ථිකමය, සමාජමය වශයෙන් පරිවර්ථනය කරන්න පුළුවන්, මේ රටේ පරිසරය ආරක්ෂා කරන, ආගමික සදාචාරය, මනුෂ්‍ය සදාචාරය, මිනිස් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේම මිනිසුන්ගේ සතුට ඉදිරියට ගෙනයන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වැඩපිළිවෙල පමණක් ප‍්‍රමාණවත් නැහැ. කවුද ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන නායකයෝ කැල, කවුද ඒ සාමුහිකත්වය, නායක කට්ටලය කියලා දැන ගන්න මේ රටේ ජනතාවට අවශ්‍යයි. මෙන්න මේ කරුණු 03 සම්පාදනය උනාට පසුව, ඉෂ්ටප‍්‍රාප්තියට පත්උනාට පසුව අපේක්ෂකයා නිකම්ම ඉදිරිපත් වෙයි.

ඒ නිසා ගොනාට කලින් කරත්තේ දාලා හරියන්නේ නැහැ. අපි පළමුව මේ රටේ තිබෙන ගැටළු විසඳාගන්න සමත් පුළුල් දේශපාලන සන්ධානය, ඒ මගින් ඉදිරිපත් කරන්න යන බලගතු දේශපාලන, ආර්ථික, සමාජ වැඩපිළිවෙල, එම වැඩපිළිවෙල උර තබාගෙන, කර තබාගෙන මේ රට ඇතුළේ කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වන ඒ දැවැන්ත නායකත්ව මඩුල්ල, විශේෂයෙන්ම තරුණ පිරිස්වලින් එය සමන්විත විය යුතුයි. එය තීරණය උනාට පසුව කවුද අපේක්‍ෂකයා කියන එක ඒ මත තීරණය කර ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන වැඩසටහනට, සාකච්ඡාවට ඔබත් දායක විය යුතුයි. මේක අසවලූන්ට, නායකයින්ට කරන්න දීලා අපි බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි සියළු දෙනාගේම දායකත්වයෙන් එම පළල් වැඩපිළිවෙල, ඒ පළල් නායකත්ව මඩුල්ල, ඒ පළල් දේශපාලන ගමන අපි ඉදිරියට යන්න ඕනේ. එහෙම නොවුණහොත් මේ රටට අනාගතයක් නැතිව ගිහිල්ලා තව අවුරුදු 10 කින් මේ රට උගත්, අවංක, සදාචාර සම්පන්න, පරහිතකාමී, පරිසරයට ලැදි මිනිසුන් නැති කාන්තාරයක් බවට පරිවර්ථනය විය හැකි යැයි මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

Post Views: 11
Previous Post

දැනට 05 ක් ඉන්නවා … අන්තිම වෙනකම් හොයනවා – විපක්ෂ නායක මහින්ද කියයි

Next Post

රටක් වශයෙන් තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටිය යුතුයි – අගමැති

editor

editor

Next Post

රටක් වශයෙන් තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටිය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved