යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට රජයේ ගබඩා ගොයම් කපන ස්ථානවල විවෘත කර වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
පසුගිය දා වී අලෙවි මණ්ඩලය හා සෙසු පිරිස සමග පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවල මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතය.
වී මිලදී ගැනීම සඳහා මේ වනවිට රු කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 132ට මිලදී ගැනීමට නියමිතයි.
රජයේ ගබඩාවලට තෙත් වී ලබාගැනීමට හැකියාවක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවි ජනතාවට අසාධාරණයක් නොවෙන්න සියලුදෙනා කටයුතු කරන ලෙස ද පවසා සිටියේය.