කතරගම, මැණික් ගඟ ආසන්නයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව පැවති ගොඩනැගිල්ලක් අද (13) දින අධිකරණ නියෝගයක් මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන තිබෙන බවට පුවතක් වාර්තා වුනා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම දේපළ සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකින් පසු එය රජයේ දේපළක් ලෙස ආරක්ෂා කර ගෙන තිබෙන බවයි එම ආරංචි මාර්ග පැවසුවේ.
මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර තිබූ රාජපක්ෂ නිවස සම්බන්ධයෙන් කාලක් තිස්සේ විමර්ශන සිදුවී තිබෙන අතර ඊට අදාළව කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා ද අත්අඩංගුවට ගෙන තිබුණි.
එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍ර යෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුළු පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් ලබා ගෙන තිබෙන බව සදහන්.
කතරගම ප්‍රාදේශීය සභාව විසින් ලබා දුන් අනුමැතිවල නීත්‍යානුකූලභාවය ගැටලුකාර වූ නිසා මෙම දේපළ රාජසන්තක වීමට තීරණය වු බව ද සදහන්.