ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මැතිවරණ වේදිකාවල හඩ නැඟු තමාට ලැඡ්ඡාවක් නොමැතිව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් වෙල්ගම මහතා කියා සිටියේ ඇදුමක් ඇදගෙන ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමනම් තමාට නොහැකි නිසාවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ බවයි.
ලබන 03 වනදා පාර්ලිමේන්තු රැස්වීමේදී තමා විපක්ෂයේ අසුනක් ඉල්ලා සිටි බවත් එදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිටි කාලයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ අසුන් ගත් බව හෙතෙම පැවසිය.
එසේම තමා තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බව ඔහු කියා සිටියේය.
TTVnews.lk වෙබ් අඩවිය විසින් විමසා සිටියේ ඉදිරි මහමැතිවරණයේදී ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යන්න විමසා සිටියේය. එවිට පිළිතුරු ලබා දෙමින් වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තවමත් තීන්දුවක් ගෙන නොමැති බවයි.
දිලිනි සමන්මලි