අද දේශපාලනික ඝාතනයක් සිදුවූවත්, දවසේ ප්‍රධාන මාතෘකාව එය වූවත්, තවත් මගහැරිය නොහැකි වැදගත් සිදුවීමක් සාකච්ඡා කළ යුතුයි.
ඒ චතුරංග අබේසිංහ ගිය සතියේ, ආසන්න වශයෙන් ලක්ෂ දෙකක සාමාජික ගාස්තුවක් අය කරනා, ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගීම හයි ඔක්ටේන් ජිම් එකේ සාමාජිකත්වය ලබා ගැනීම.
චතුරංග අබේසිංහ පසුගිය සතියේ, හයි ඔක්ටේන් සාමාජිකත්වය ලබා ගැනීම දේශපාලනික වශයෙන් වැදගත් සංකේතයක්.
හයි ඔක්ටේන් කියන්නේ සාමාන්‍ය ජිම් එකක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රීමියම් ජිම් එක.
ඒක අයිති පවුල දේශපාලනික සබඳතා තිබුණු, ශ්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වන ව්‍යාපාරයක් හිමි පවුලක්.
හයි ඔක්ටේන් නැගීම සටහන් වුණේ පසුගිය අවුරුදු හතර, පහ ඇතුලේ.
විශේෂයෙන්ම රාජපක්ෂ පුතුන් පුද්ගලිකව එහි පුහුණු වීමත්, හිමිකරුවා සහ කණ්ඩායම විසින් බර ඉසිලීමේ තරග ජයග්‍රහණය කිරීමත් ඊට බලපෑවා.
යෝෂිත සහ නාමල් පුහුණු වුණේ හයි ඔක්ටේන් එකේ. යෝෂිතට ඒ පවුල සමග සමීප සම්බන්ධයක් තිබුණා.
එමෙන්ම හිමිකාර ව්‍යාපාරික පවුලේ පුත්‍රයා වෘත්තීමය වශයෙන් බර ඉසිලීමේ තරග වලට ඉදිරිපත් වන සහ ජයග්‍රහණ ලබා ඇති පුද්ගලයෙක්.
නමුත් ව්‍යාපාර පාලනය කළේ දියණිය.
කාලෙකට කළින් ජිම් එකේ යට තිබුණු ඒ ගොල්ලොන්ගෙම කොෆි ශොප් එකට කෝපි බොන්න මම යනවා. ඒ කාලේ හයි ඔක්ටේන් එච්චර බිසි තැනක් නෙවෙයි.
ආවේ ගියේ ඇත්තටම ජිම් එකක් ඕන වෙච්ච සහ තරග වලට ඉදිරිපත් වෙච්ච මිනිස්සු.
කොහොම නමුත් ‘හයි ඔක්ටේන්’ ප්‍රීමියම් විදියට බ්‍රෑන්ඩ් වුනාට පස්සේ, ‘පොෂ්’ වීමේ අවශ්‍යතාවය ඇති කට්ටිය ඒ අවශ්‍යතාවය නිසාම හයි ඔක්ටේන් එකට ආවා.
ඊටපස්සේ කාලෙක අවට පැති වලින් නෙවෙයි, තියෙන තැන නොදැනත් ඈත දුර ගෙවාගෙන, පොඩි මොඩ්ල් ගෑනු ළමයි පවා හයි ඔක්ටේන් ආවා.
පියුමි හංසමාලි පාර අහ අහා හයි ඔක්ටේන් ජිම් එක හොයාගෙන යන වීඩියො ක්ලිප් එකක් ඒ කාලේ මම දැක්කා.
ඔවුන්ගේ අවශ්‍යතාවය ‘ජිම්’ එකකට ඒම නෙවෙයි. ඔවුන්ගේ අවශ්‍යතාවය ‘හයි ඔක්ටේන්’ යෑම.
මේ නිසාම හැව්ලොක් සිටි මෝල් එක විවෘත වුණාම, එතනත් ‘හයි ඔක්ටේන්’ බ්‍රාන්ච් එකක් විවෘත වුණා.
මේ වෙද්දි ‘හයි ඔක්ටේන්’ යෑම හොඳ කාර් එකක්, බ්‍රැන්ඩඩ් ඇඳුම් ඇදීම වගේ වැඩක්.
ඒක තවදුරටත් ‘ජිම්’ යෑම නෙවෙයි.
චතුරංග අබේසිංහ ඡන්දයට කළින් නිතරම කියපු කතාවක් තිබුණා.
එනම් ඔහු ජීවිතයේ සාර්ථක වෙලා ඉවරයි. නමුත් ඔහු දේශපාලනයට එන්නේ එලෙස සාර්ථක නොවූ පුද්ගලයන් සාර්ථක කිරීමට බව ඔහු නිතරම කිව්වා.
එහෙම කිය කිය චතුරංග අඬා වැටුණා.
නමුත් එය සත්‍ය නොවන බව අප දැන සිටියා.
අතීත, සාම්ප්‍රදායික දේශපාලඥයන් බහුතරය දේශපාලනය කළේ මුදලට වඩා බලයට ඇති ආශාව නිසා. ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ බලය.
එහි අර්ථය ඔවුන් මුදල් හම්බ නොකළා යන්න නොවෙයි. ඔවුන් මුදල් හම්බ කළා. නමුත් ඔවුන් වඩා ආශා වුනේ පිලිගැනීමට, ගෞරවයට සහ බලයට.
නමුත් චතුරංග ලා පැහැදිලිව දේශපාලනය කරන්නේ බලයට, පිළිගැනීමට වඩා මුදල් වෙනුවෙන්.
ඒ බව තහවුරු කිරීමට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා.
ඔහුගේ මත්පැන් බලපත්‍රය සම්බන්ධ හෙළිදරව්වට පැය 72 ක් ගතවී අවසන්.
නමුත් චතුරංග ගන්නවා යයි කියූ නිසි ක්‍රියාමාර්ග තවම ගෙන නැහැ. එන්තරවාසියක් යවා නැහැ.
චතුරංග ගේ හයි ඔක්ටේන් සාමාජිකත්වයත් මේ තත්ත්වය විග්‍රහ කිරීමට හොඳ උදාහරණයක්.
හයි ඔක්ටේන් ප්‍රිමීයම් සාමාජිකත්වය 190,000 යි.
ඊට අමතරව පුහුණුකරුගේ පැයක අය කිරීම ආසන්න වශයෙන් රුපියල් හාරදහසක්.
චතුරංග මෙච්චර කාලයක් ජීවිතය දිනා, සාර්ථක වී සිටියා යයි කීවත් ඔහු හයි ඔක්ටේන් සාමාජිකත්වය ලබා ගන්නේ ගිය සතියේ.
ඒ කියන්නේ හයි ඔක්ටේන් සාමාජිකත්වය ඔහුගේ සිහිනයක්.
ඔහුට එක්වරම ජිම් එකක අවශ්‍යතාවය පැන නැගුණා වන්නට බැහැ.
අතීතයට වඩා දැන් හෝටල් ලොබි වල ඩීල් රැස්වීම් වැඩි නිසා, සාද වැඩි නිසා බඩ වැඩි වෙනවා වගේ දැනුනා නම් චතුරංගට තමන් ජීවත් වන කෝට්ටේ ප්‍රදේශයෙන් හෝ පාර්ලිමේන්තුවට ආසන්න බත්තරමුල්ල පැත්තෙන් පහසුවෙන්ම ජිම් එකක් හොයාගන්න තිබුණා.
නමුත් ඔහු ජිම් විස්සක්, තිහක් පහු කරමින් ‘හයි ඔක්ටේන්’ යෑමට හැව්ලොක් සිටි එකට යනවා.
හැව්ලොක් සිටි හයි ඔක්ටේන් ශාඛාව ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්නේ, එහි අපාර්ට්මන්ට් සංකීර්ණයේ ජීවත් වෙන පිරිස්.
නමුත් චතුරංග කෝට්ටේ සිට කිරුළපන යන්නේ ඔහුගේ ‘ඇරියස් එකක්’ නිසා.
නමුත් මේ ඇරියස් කවර් කිරීමට ඔහුට මුදල් ලැබී ඇත්තේ මෑතක බව පැහැදිලියි.
චතුරංග ගිය සතියේ හයි ඔක්ටේන් සාමාජිකත්වය ලබා ගත්තේ ඒකයි.
එහෙම නැත්නම් ඔහුට වසර ගණනාවකට පෙර හයි ඔක්ටේන් සාමාජිකත්වය ලබා ගැනීමට තිබුණා.
ඔහුට එක්වරම මේ ඇරියස් කවර් කිරීමේ හැකියාව ලැබී තිබෙන බව පැහැදිලියි.
පැහැදිලිවම මේ බඩගින්නේ සිටි හොරු.
මේ උදාවී ඇත්තේ ඔවුන් කාගෙන කාගෙන යන වේලාව.
- උපුටාගැනීමකි