හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ පුතා වන විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට අවතීර්ණ වනවාය යන කතාව නිරන්තරයෙන් මතුවීම අපි කවුරුත් දැක තිබෙනවා.
මේ දිනවලත් ”විමුක්ති දේශපාලනයට එනවා” යන කතාව ඉස්මතු වුණේ ආපදාවට ලක්වුවන් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාර මැතිනිය වෙන් කල මුදල් පරිත්‍යාගය නිසා.
මෙම මුදල් පරිත්‍යාගය පිටුපස පවතින්නේ විමුක්තිව දේශපාලනයට සම්බන්ධ කර ගැනීමේ අභිප්‍රායක් බවයි ඇතැමුන් පවසන්නේ.
කෙසේ වෙතත් ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වීමත් සමඟ ඔවුන් ලබාදුන් තීරණාත්මක මැතිවරණ පොරොන්දුවක් වූ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ දී ඇයට ද වරප්‍රසාද රැසක් අහිමි වී තිබුණා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දුන් කෝටි 25 ක විශාල මුදලක් පරිත්‍යාගය සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍යහිමියන් පවසා සිටින්නේ චන්ද්‍රිකාගේ මෙම සද්භාවය අසරණභාවයට පත් මිනිසුන් වෙනුවෙන් නැගුණු අව්‍යාජ හැඟීමක්මද යන්න උභතෝකෝටික කාරණාවක් බවයි.
එතකුදු නොව ඇතැම් සමාජ මාධ්‍යවල පල වන පුවත් වල සදහන්ව ඇත්තේ විමුක්තිව දේශපාලනයට ගෙන ඒමට චන්ද්‍රිකාගේ ආශාවේ කොටසක් බවයි.
ඔවුන් පවසන ආකාරයට විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුම පිටුපස සිටින්නේ චන්ද්‍රිකගේ සමීපතමයකු වන මංගල සමරවීර මහතාගේ මාධ්‍ය මෙහෙයුම් සිදුකළ මෙරට ප්‍රබල දේශපාලන බල පෙරළිවලට මුල් වූ කණ්ඩායමකයි.
කෙසේ වෙතත් මෙම තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි අප ලද තොරතුරු හමුවේ අනාවරණය වුයේ.














