2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (22) ඉවත දමනු ලැබීය.
මෙම පෙත්සම ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව, අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව විනිසුරු මඩුල්ල මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේය.
ඒ අනුව නීතිපතිවරයා ගොනු කර ඇති අධිචෝදනා බලරහිත කරන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.














