ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමන්ගේ දරුවා ප්‍රතික්ෂේප කරනවා යැයි ගුවන්සේවිකාවක් නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ගේ දරුවාට පිතෘ නාමය ලබා දෙන බවයි.
ඇය පවසන්නේ එම දරුවා ඔහුගේ බව පිලිනොගන්නා බවත් එම නිසා DNA පරීක්ෂණයකට පෙනී සිටින ලෙසත්ය.
කෙසේ වෙතත් ඇයට වු අසාධාරණය හේතුවෙන් ඇයගේ අක්කා (නදීකා සේනාධීර) යන අය ෆේස්බුක් සටහනක්ද තබා තිබෙනවා.
ඇය පවසා සිටින්නේ ඇය දැමු සටහන හමුවේ දුරකථන ඇමතුම් හරහා සම්බන්ධවීම ගැන ස්තුතිය පුදකර සිටින බවයි.
ඇයගේ සටහන පහතින්
පණිවුඩ එවීම සහ දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් සියලු දෙනාටම මගේ හදපිරි ස්තූතිය පුදකරමි. ඇති වූ තත්ත්වය පිළිබඳව මම දැනුවත්ව සිටිමි. මේ අවස්ථාවේදී, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නීතිමය කටයුත්තක් පිළිබඳව අදහස් දැක්වීමට අපට අවසර නැත.
දෙවන වසරේ නීති ශිෂ්‍යාවක් ලෙස, අපේ රටේ අධිකරණ විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය සහ අධිකරණ ක්‍රියාවලිය සියැසින් දුටු නිසා, ශ්‍රී ලංකා අධිකරණය කෙරෙහි මට මහත් විශ්වාසයක් තිබෙනවා.
– නදීකා සේනාධීර














