කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙනවා.
‘චිකුන්ගුන්යා’ වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේද වාහකයා ලෙස කටයුතු කරන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
එබැවින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ‘චිකුන්ගුන්යා’ රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන බවත් ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මදුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.