නාරාහේන්පිට, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් අද (10) පෙරවරු 6 ට පමණ ගිලා බැසීමකට ලක්ව තිබේ. එම ගිලා බැසීම වන අවස්ථාවේදී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් එහි ගමන් කරමින් සිට ඇත.
එහි අවට සිටි පිරිස් වහාම ක්රියාක්මක වී වෑන් රථය බේරා ගැනීම සඳහා යකඩ පොලු දමා පාසල් දරුවන් මෙන්ම වෑන් රථය ද බේරා ගැනීමට කටයුතු කර ඇත.
මේ වන විට චිත්‍ර පටුමඟ වසා දමා ඇති අතර මෙම ගිලා බැසීමට හේතුව වී ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් බවත් නිසි ආකාරයෙන් මාර්ග පිළිසකර නොකිරීම හේතුවෙන් බව කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාර ඉංජිනේරුවරයා වෙත දැනුම් දීමක් කර ඇති බවද ඉදිරියේදී මෙවැනි අනතුරුවලට වගකිය යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමක් සිදු වනු ඇති බව නගර සභා ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
එම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කරන්නන් කියා සිටින්නේ මෙවැනි තත්ත්වයන් මත තම ව්‍යාපාර කටයුතු පවා අඩාල වන බවයි. මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා විසදුමක් ලබා දෙන්නේ නම් තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ඉවහල් වන බව ඔවුන් කියා සිටියේය.