එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට පනවන ලද 34%ක බදු වහාම අවලංගු නොකළහොත් ඇමරිකාවට අමතරව 50%ක තිරුබද්දක් පනවන බවට චීනය නිවේදනය කර තිබේ.
පසුගිය සතියේ ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා 34% ක බද්දක් පැනවීමට ගත් තීරණයෙන් පසුව, බීජිනය මෙම තිරණය ගෙන ඇත.
මේ සමබන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකශ කර තිබුණේ, ඇමරිකානු බදු වලට හිස නොනමන බවයි.
මෙම බදු එක්සත් ජනපද අවශ්‍යතා සහ ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට හානි කරන බවත්, වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයෙකු නොමැති බවත්, මෙම බදු සමස්ත ගෝලීය ආර්ථික සංවර්ධනයට අනතුරක් වන බවත්ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ, බීජිං හෙට) මධ්‍යහ්නය වන විට එහි පළිගැනීමේ බද්ද ඉවත් නොකළහොත් නැවත 50% ක අමතර තීරුබදුවක් පනවන බවයි.
මෙම බදු ක්‍රියාත්මක වන්නේ නම් චීනයෙන් ඇතැම් භාණ්ඩ ගෙන එන සමහර එක්සත් ජනපද සමාගම් 104% ක බද්දකට මුහුණදෙනු ඇති අතර ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබුණේ, ගෝලීය තීරුබදු අත්හිටුවීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවයි.
පසුගිය සතියේ ඔහු ප්‍රකාශයට පත් කළ දැඩි තීරුබදු ලිහිල් කිරීම සඳහා රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පැමිණ තිබේ. ගෝලීය කැළඹීම් සහ වෙළඳපල අස්ථාවරත්වය තිබියදීත්, ට්‍රම්ප් තම වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවට දැඩි ලෙස විශ්වාස කරයි