බොහෝ කාලයක් ඉවත් කර තිබුණු හදිසි පොලිස් මුරපොළ හෙවත් සෝදිසි බැරැක්ක යළිත් යාපනය දිස්ත්රික්කයේ ප්රධාන මාර්ගවල තැනින් තැන ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එම ප්රදේශවල ජනතාව ආණ්ඩුව වෙත දැඩි කනස්සල්ල පළ කරති.
ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ සිදුකළ සංචාරය අවස්ථාවේ මාර්ගවල තැනින් තැන මෙවැනි සෝදිසි බැරැක්ක ස්ථාපිත කර තිබුණු බව ත් පසුව ජනතාවගේ ඉල්ලීම මත ඒවා ඉවත් කෙරුණු බව ත් පැවසේ.
කෙසේ වෙතත්, මෑතකදී එම ස්ථානවලම යළිත් එම සෝදිසි බැරැක්ක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබීම පිළිබඳ යාපනයේ ජනතාව සිය දැඩි කනස්සල්ල සමග විරෝධය පළකර සිටිති.
වෙනසක් සිදුකරන බවට ප්රකාශ කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව මෙයාකාරයෙන් කටයුතු කිරීම මඟින් තමන් තුළ දැඩි සැකයක් හා බියක් ඇතිකරවන බව ද උතුරේ ජනතාව පවසති.