• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ඡන්දෙට එන ඇතැම් නිලධාරීන් බෝතල්-බයිට් ඉල්ලා කරදර කරනවා”: ග්‍රාම නිලධාරීන්ගෙන් මැ.කො.ට පැමිණිල්ලක්

30 October 2024
in දේශීය
“ඡන්දෙට එන ඇතැම් නිලධාරීන් බෝතල්-බයිට් ඉල්ලා කරදර කරනවා”: ග්‍රාම නිලධාරීන්ගෙන් මැ.කො.ට පැමිණිල්ලක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඡන්ද මධ්‍යස්ථානවල රාත්‍රී නවාතැන් ගන්නා ඇතැම් මැතිවරණ නිලධාරීන්ට මත්පැන් හා කටගැස්ම නොදුන් අවස්ථාවල ග්‍රාම නිලධාරීන් සමග ගැටුම් ඇති කරගන්නා බව කියමින් ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්ට හා අනෙකුත් කාර්ය මණ්ඩලවලට උපදෙස් හා නිර්දේශ නිකුත් කරන ලෙසට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය මැතිවරණයේදී මත්පැන් හා කටගැස්ම නොදුන් මධ්‍යස්ථානවල මෙවැනි ආරවුල් සිදුව ඇතැයි එම සංගමය පවසයි.

එවැනි සිද්ධීන්ට මුහුණදුන් ග්‍රාම නිලධාරීන්ගේ කාර්ය සාධන වාර්තාව ලබා දීමේදී ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් සිතාමතා ම ග්‍රාම නිලධාරීන් සමග විවිධ ගැටලු ඇති කරගෙන තිබෙන බව ත් මෙවැනි අවස්ථාවලදී ග්‍රාම නිලධාරිනියන් දැඩි අපහසුතාවන්ට මුහුණ දී තිබෙන බව ත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.

එසේ ම, ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වරින් වර ග්‍රාම නිලධාරීන්ගෙන් විමසීම් කරන බව පවසන එම සංගමය එය ග්‍රාම නිලධාරීන්ගේ කාර්යයක් නොවන බැවින් ග්‍රාම නිලධාරීන් අපහසුතාවට පත්වන බව ත් ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ගෙන් එම තොරතුරු ලබා ගන්නා ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.

මැතිවරණ කොමිෂන් සභාවේ PE/64/iii වාර්ෂික ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය, ඡන්ද හිමියන් ගණන් ගන්නා නිලධාරීන්ට කෑලි ගණන් මත ගෙවීම යන ලිපිය මගින් ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී එක් ගෘහයකට රුපියල් 30ක් ලබා දීමට නිර්දේශ කර තිබූ නමුත් ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මුදල රුපියල් 20 දක්වා කර අනුමත කර තිබෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය පවසයි.

තාවකාලික හැඳුනුම්පත් සකස් කිරීම මැතිවරණ දිනය දක්වා ම සිදුකරන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි පවසන එම සංගමය මැතිවරණ රාජකාරි හා වෙනත් රාජකාරි මත කාර්ය බහුල වී සිටින ග්‍රාම නිලධාරීන් මෙම තීරණයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව පෙන්වා දෙයි.

ඒ අනුව, තාවකාලික හැඳුනුම්පත් සකස් කිරීම අවම වශයෙන් මැතිවරණයට දින හතකට පෙර අවසන් කරන ලෙසට සංශෝධනය කරන ලෙසටත්, මැතිවරණ දිනය දක්වාම තාවකාලික හැඳුනුම්පත් සකස් කළයුතු බවට තීරණය කරන්නේ නම් එම හැඳුනුම්පත් සහතික කිරීමේ පූර්ණ බලය ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ඉල්ලා සිටි.

මැතිවරණ කොමිෂන් සභාව හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු ලිපි ප්‍රාදේශීය ලේකම්වරයාට යොමු කිරීමෙන් ප්‍රමාදයන් සිදුවන බවත්, ඉන් ග්‍රාම නිලධාරීන් මෙන්ම ජනතාව ද අපහසුතාවට පත්වන බැවින් එම ලිපි සෘජුව ම ග්‍රාම නිලධාරීන්ට දින 7කට පෙර යොමු කරන ලෙස ද එම සංගමය පවසයි.

ඡන්ද මධ්‍යස්ථානයේ පහසුකම් සැපයීමේ අත්තිකාරම් මුදල් ග්‍රාම නිලධාරීන්ට මැතිවරණ දිනයට පෙර දින සිදුකරන අවස්ථා තිබෙන බව පවසන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය එමගින් ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකිරීමේදී අපහසුතා රැසකට මුහුණ දෙන බව ත්, ග්‍රාම නිලධාරීන් දින දෙකක් ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් පූර්ණ කාලීනව සහාය ලබා දෙන බැවින් ඔවුන්ගේ දීමනාව දින දෙකකට සරිලන ලෙස ලබාදෙන ලෙසත් ඉල්ලා සිටී.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් අද (ඔක්. 30) දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙන අතර ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති 11කට එම අවස්ථාවට සහභාගී වන ලෙසට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

Post Views: 36
Previous Post

‘IMF එක්ක කළ සාකච්ඡා ජනපති රටට හෙළි කළ යුතු යි’- රනිල් වික්‍රමසිංහ

Next Post

ජොන්ස්ටන්ව අධිකරණයට රැගෙන එයි

Editor TTV News

Editor TTV News

Next Post
ජොන්ස්ටන්ව අධිකරණයට රැගෙන එයි

ජොන්ස්ටන්ව අධිකරණයට රැගෙන එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved