ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම සදහා බිහි කරන නව සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්, පොදුජන පෙරමුණේ කොටසක් ඇතුලු තවත් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගෙන් සැදුම්ලත් දැවැන්ත සන්ධානයක් බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පානදුර මැතිවරණ කොට්ඨාසයේ රුපියල් කෝටි 12 කට ආසන්න සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහිදී මාර්ග 10 ක් විවෘත කළ අතර තරුණ සංවිධාන, මරණාධාර සමිති, වැඩිහිටි සංවිධාන, ග්‍රාම සංවර්ධන සමිති, මුස්ලිම් දේවස්ථාන, පාසල් සහ ගොවි සංවිධාන සදහා විවිධ උපකරණ, පුටු, ආවරණ, කෘෂි උපකරණ, ශබ්ද විකාශන යන්ත්‍ර මෙහිදී පරිත්‍යාග කෙරුනි.
මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ පානදුර සංවිධායක විජිත් ප්‍රියන්ත, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.