• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දේ දිනන්න පුළුවන් … හැමෝම එකමුතු විය යුතුයි – අගමැති

20 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලූ දෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) අරලියගහ මන්දිරයේ පැවති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව මාතර, හම්බන්තොට, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදීය.

2015 සිට විවිධ අභියෝග හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් බහුතර බලයක් නොමැතිව තම ආණ්ඩුවට විශාල සංවර්ධන වැඩ කොටසක් සිදු කිරීමට හැකි වූ බව පවසන වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුල මෙතරම් වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තවත් නැති බව සිහිපත් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසිය “පසුගිය වසර හතර තුළ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අපහසුතා මධ්‍යයේ වුවද අපි සංවර්ධන වැඩකටයුතු සාර්ථක ලෙස සිදුකරමින් ඉදිරියට පැමිණියා. එවැනි අපහසුතා මධ්‍යයේ වුවද වත්මන් ආණ්ඩුව තරම් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවූ වෙනත් කිසිඳු ආණ්ඩුවක් මීට පෙර තිබුණේ නැහැ. ග්‍රාමීය සංවර්ධනයේ විශාල ප්‍රගතියක් ලබා ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා. මාවතගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපාති 6 ක් විවෘත කිරීමට එක්වුණා. එම ප්‍රදේශයේ ඉදිකළ ව්‍යාපෘති සංඛ්‍යාව 1000 ක් පමණ වෙනවා. සෑම අංශයකින්ම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට මන්ත්‍රීවරුන්ට හා සංවිධායකවරුන්ට මුදල් ලබා දී තිබෙනවා. ගම්පෙරළිය, රන් මාවත් යන ව්‍යාපෘති සහ මගේ අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩසටහන් හරහා එම මුදල් ලබා දී තිබෙන බව කිව යුතුයි.

නමුත් ප්‍රාදේශීය සභාවල ඇතැම් මන්ත්‍රීවරුන්ට එම මුදලින් ප්‍රතිලාභ ලැබී නැහැ. ඇතැම් අය තමන්ගේ සංවිධායකවරු සමග එකතු වී සංවර්ධන කටයුතුවල නිරත වුණා. පසුගිය වසරේ සෑම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් අපි රුපියල් ලක්‍ෂ 5 ක් වෙන් කරනු ලැබුවා. එම මුදල් සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කිරීමෙන් අනතුරුව තවත් මුදල් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඇතැම් අයට එම ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට හැකි වුවත්, දින 52 ආණ්ඩු පෙරළිය නිසා ඇතැමුන්ට ඒවා සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්ද සඳහාත් සෑම පළාත් පාලන මන්ත්‍රීවරයෙකුටම ලක්‍ෂ 5 ක මුදලක් ලබා දීමට අපි තීරණය කරනු ලැබුවා. ගම්පෙරළිය, විමධ්‍යගත අයවැය, රන් මාවත් වැනි ව්‍යාපෘති නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කටයුතු අධික වී තිබෙනවා. එම නිසා තමන්ට හැකි අයුරින් මේ සංවර්ධන ව්‍යාපෘති සිදු කරන ලෙස මම ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අප සිදු කළ සංවර්ධන වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කර ප්‍රාදේශීය මට්ටමේ සිට බලය තහවුරු කර ගැනීමට ඔබ පියවර ගත යුතුයි.

මේ සතියේ සිට ව්‍යාපෘති සහකාර පත්වීම් ලබාදීමට අපි කටයුතු කරනවා. එමෙන්ම සෑම ආසනයකටම ශරීර සුවතා කට්ටල 3 ක් ලබා දෙනවා. සංවිධායකවරු සමග සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු ස්ථාන තුනක් සොයා ගෙන මේ වසරේ දී එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම ස්ථාන දිස්ත්‍රික්ක මට්ටමින් තෝරා ගත යුතුයි. එක් එක් ප්‍රදේශවලට ගැලපෙන පරිදි එම උපාංග තෝරා ගැනීමට හැකියාව තිබෙනවා.එලැඹෙන ජනාධිපතිවරණය අපට ජයග්‍රහණය කළ හැකියි. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනා එක් වී සන්ධානය ගොඩනගා ගනිමින් ඉදිරියට යා යුතුයි. පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ සංවිධායකවරු එකට එක් වී ඒකාබද්ධ වැඩසටහන් සකස් කළ යුතු වෙනවා. අපගේ සමහර ස්ථානවල ගැටලූ මතු වී තිබෙනවා. ඒ ගැටලූ විසදා ගැනීමට අප කටයුතු කළ යුතුයි. අපේ ආණ්ඩුව තරම් වැඩ කළ වෙනත් ආණ්ඩුවක් නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව තරම් කරපු වැඩ ගැන කතා නොකළ තවත් ආණ්ඩුවක් නැහැ. අපි අපිටම බැන ගන්නවා මිස අපි කළ වැඩ ගැන කතා කරන්නේ නැහැ. මින් ඉදිරියට අපි සිදු කළ වැඩ කටයුතු පිළිබඳව ජනතාව අතරට ගොස් කතා කළ යුතු වෙනවා. අපි අපේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කළ යුතුයි. අපිට ස්ථාවර ආණ්ඩුවක් ලබා දෙන්නේ නම් මීට වඩා දස ගුණයකින් වැඩ කිරීමේ හැකියාව අපට තිබෙනවා.

අපි රාජ්‍ය සේවක වැටුප දෙගුණයකින් වැඩි කළා. අපේ පාලන කාලය තුළ අවම වශයෙන් රටේ ආදායම 50% කින් ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. දකුණු ආසියාවේ හොඳම පාසල් ක්‍රමය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් වෙමින් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ලබාගෙන තිබෙන උපකරණ අනුව කිසිඳු ගැටලූවකින් තොරව බොහෝ දෙනෙකුට තමන් ජීවත් වන දිස්ත්‍රික්කයේ රෝහල්වලම සෞඛ්‍ය සේවා හා පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම සමෘද්ධි දීමනාව හා සමෘද්ධි හිමිකම්ලාභීන් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. දැනට රැකියා බොහෝ ප්‍රමාණයක් ලබා දී තිබෙන අතර තවත් රැකියා බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් සිටිනවා. ඒ අය පිළිබඳවත් අපි අවධානය යොමු කොට තිබෙනවා. අප රට බාර ගන්නා විට රට තිබූ තත්ත්වය අනුව අවම වශයෙන් ණය ගැනීමට හැකියාව ඇති ආර්ථිකයක් ගොඩනැගීමට අපට වසර දෙකක කාලයක් ගත වුණා. අපි රට බාර ගන්නා විට රටේ ආර්ථිකය පැවැතියේ සිඟමන් යදින තත්වයේයි. දැන් සිඟමන් යදින එක නතර කළ යුතුයි. එය නතර කිරීම සඳහා රටට ආයෝජන ගෙන ආ යුතුයි. ආයෝජන තුළින් රැකියා උත්පාදනය ඉහළ යනවා.

ඒ අතරතුර රැකියා අවස්ථා සාධාරණව ලබා දීමට මේ දින කිහිපය තුළ කටයුතු කරන ලෙස මා අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අපි දැන් මැතිවරණයට සූදානම් වෙමු. හැකි ඉක්මනින් මැතිවරණ ව්‍යාපාරයේ මූලික පියවර ආරම්භ කරන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි සියලූ දෙනා එකමුතු වී අපගේ සන්ධානය නිර්මාණය කරගනිමින් මැතිවරණය ජය ගැනීමට කටයුතු කරමු.”

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි හා වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු දේශපාලඥයින් විශාල පිරිසක් සහභාගිව සිටියහ.

 

Post Views: 1
Previous Post

වැඩ නිමවෙමින් පවතින කුරුණෑගල ගම්පෙරලිය

Next Post

ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් නියාමනයත් අධ්‍යාපන අමාතයාංශය යටතට

editor

editor

Next Post

ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් නියාමනයත් අධ්‍යාපන අමාතයාංශය යටතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved