• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් – අගමැති

7 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) කුරුණෑගල මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සව සභාව අමතමිනි.

මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය කටුගස්තොට ජල පිරිපහදුවෙන් පිරිපහදුකර ගලගෙදර හරහා මාවතගමට ගෙන යන මෙම ව්‍යාපෘතියෙන් දශක කිහිපයක් තිස්සේ පිරිසිදු පානීය ජල හිඟයෙන් පීඩා විදි මාවතගම සහ ඒ අවට ග්‍රාමසේවා වසම් 28 කට සෙත සැලසෙයි.

මාවතගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල කර්මාන්ත පරිශ්‍රය සඳහා දිනකට අවශ්‍ය ඝන මීටර් 500 ක ජල අවශ්‍යතාවය ද මෙමඟින් ආවරණය වේ.

මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3126 කි. මෙය දේශීය බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ‍ජල යෝජනා ක්‍රමයකි. ‍

එහිදී අග්‍රාමාත්‍වරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

මේ පළාත්වල ජනතාව ජලයේ වටිනාකම ඉතාම හොඳින් දන්නවා. ඒ ගැන අමුතුවෙන් මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේ ව්‍යාපෘතිය මීටත් කලින් නිමා කරන්න හැකි වුණා නම් තවත් වටිනවා. ඒ තරමට මේ පළාතේ ජනතාව දශක ගණනාවක පටන් පිරිසිදු පානීය ජලය නැතිව පීඩා වින්ඳා. අද ඒ ගැටලුවට ස්ථිර විසඳුමක් දෙන්න රජයක් විදියට අපට හැකිවෙලා තියෙනවා. අපි දන්නවා ලෝකෙ කොතරම් ජලය තිබුණත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නෙ ඉතාම සීමිත ප්‍රමාණයයි.

ඒ ප්‍රමාණයෙනුත් බීමට ගන්න පුළුවන් වෙන්නෙ තවත් සීමිත ප්‍රමාණයක්. මේ තරම් පානීය ජලය සීමා වුණත් අපට පානීය ජලය ලැබෙන මූලාශ්‍ර ආරක්ෂා කරන්න මිනිස්සු ඉදිරියට නොඑන එක ගැටලුවක්.

එදා ගංගා ඇළ දොල වලින් ලබාගත් පිරිසිදු පානීය ජලය අද ඒ ආකාරයෙන්ම ගන්න විදියක් නැහැ. මිනිස් ක්‍රියාකාරකම්වලින් ඒවා දූෂණය වෙලා. අපි ආරක්ෂා කරගත යුතු තැන් අප විසින්ම විනාශ කිරීමේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ අද ජීවත්වන ජනතාවට වගේම නූපන් පරපුරටයි.

මිත්‍රවරුනි,

මේ ගැන අවධානය යොමු කරලා ජල මූලාශ්‍ර ආරක්ෂා කරන්න විශේෂ පියවරක් ගන්න කියලා අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න වේගවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් උපදෙස් දීලා තියෙනවා.

මිත්‍රවරුනි,

ඔබ දන්නවා කුරුණෑගල කියන්නේ ජල මූලාශ්‍ර හිඟ දිස්ත්‍රික්කයක්. මාවතගමට බලපෑවෙත් ඒ ගැටලුව. අපි මේ ගැන සොයා බලලා මහවැලි ගඟෙන් ජලය ලබාගෙන කටුගස්තොට ජල පිරිපහදුවට යොමු කරලා ගලගෙදර හරහා මාවතගමට ගේන්න අපට හැකිවුණා. මාවතගම නගරයෙත් පිලැස්සෙත් තිබෙන මේ ජල කුළුණු දෙකින් බෙදාහරින ජලය ග්‍රාමසේවා වසම් 28කට බෙදාහරිනවා. ඒ නිසා දහස් ගණනක් ජනතාවගේ පානීය ජල ගැටලුව නිමා කරන්න අපට අද හැකිවෙනවා.

හැබැයි මේ කටයුත්ත මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. සැමට පානීය ජලය ලබාදීමේ ඉලක්කයටයි අපි ගමන් කරන්නෙ. මේ ප්‍රතිපත්තිය 2025 දි යථාර්ථයක් වෙනකොට මුළු රටටම නල මඟින් පිරිසිදු පානීය ජලය ලබා දෙන්න අපට හැකියාව ලැබෙනවා.

මේ ව්‍යාපෘතියට කුරුණෑගල, රිදීගම, ඉබ්බාගමුව, ගනේවත්ත, මැල්සිරිපුර, මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණ කරමින් අපි ඉදිරියට ගෙනියන්න කටයුතු කරලා තියනවා.

මිත්‍රවරුනි,

පිරිසිදු පානීය ජලය නොමැති නිසා මේ ප්‍රදේශයේ වගේම තවත් බොහෝ ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වෙලා තියෙනවා. ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් කුරුණෑගලත් ඉන්නවා. එදා අපි විසල් කුරුණෑගල ජල යෝජනා ක්‍රමය ආරම්භ කළේ ඒ අභියෝගය ජයගන්න. අපි පටන්ගත්ත ඒ ව්‍යාපෘතිය යහපාලන ආණ්ඩුව එදා ඡන්දෙ බලාගෙන කඩිමුඩියෙ විවෘත කරන්න ගිහින් කරපු වැරැද්දත් ජනතාව වෙනුවෙන් අපිම නිවැරදි කළා.

මිත්‍රවරුනි,

ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයක් ළඟ එනවා ද අහනවා. අපි මේ ව්‍යාපෘති කරන්නෙ ඡන්දයක් බලාගෙන නෙමෙයි. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂෙ මොකද්ද කියලා කවුරුහරි ඇහුව ද? සමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා. ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නෙ ඔය දේමයි. අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජයක්. භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරුයි. ඒ නිසා තමයි අපි සහන දෙන්න යෝජනා කරන්නෙ.
හැබැයි අද විරුද්ධ පක්ෂය ජනතාවට සහන දෙනවට කැමති නැහැ. ඒ අය ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමති නෑ. එයාලා දෙන්නෙත් නෑ. ජනතාව දැනගන්න ඕන ඇත්ත ඕකයි.

මිත්‍රවරුනි,

මේ අය කතා කරන්නෙ කොවිඩ් ගෙනාවේ අපි වගේ. හැබැයි කොවිඩ්වලින් ජනතාව ආරක්ෂා වුණේ අපි ගත්ත පියවර නිසා කියලා කවුරුත් කතා කරන්නෙ නැහැ.
බඩු මිල වැඩියි කියන එක දැනගත්තම අපි ඒ ගැන ආණ්ඩුවක් විදියට තීරණ ගන්නවා. හැබැයි මුළු ලෝකෙම වෙනස් කරපු කොවිඩ් වසංගතයෙන් සිද්ධ වුණ බලපෑම අපට එක රැයෙන් ඉවත් කරන්න බැහැ.

ජොන්ස්ටන් ඇමතිතුමා කියනවා වගේ රජයක් විදියට අපි ශක්තිමත්ව ඉදිරියට යනවා. අභියෝග මතින් හෝ ජනතාවට දුන් පෙරොන්දු ඉටු කරන්නයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ. ඒ සඳහා අභියෝග එන විට ඒ අභියෝගය භාරගන්න එකමුතුකම අවශ්‍යයයි. එහෙම නැතිව තමන් ඉන්න තැනම විවේචනය කරන කොට ජනතාව තේරුම් ගන්න ඕනි ඇයි විවේචනයට කලින් ක්‍රියාත්මක වෙන්න බැරිවුණේ කියලා.

අපිට අවශ්‍ය මේ රටේ අනාගතය වගේම ඔබේ අනාගතය දිනවන්න. අපිට අවශ්‍ය ඔබේ ජීවිතය දිනවන්න. ඔබේ දරුවන්ගෙ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අපි කරන කාර්යයට සහය දෙන්න. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව මම විශ්වාසයෙන් යුතුව ඔබට මතක් කරනවා.
ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Post Views: 3
Previous Post

කොරියානු රැකියාලාභී මේ වසරේ පළමු කණ්ඩායම පිටව යයි

Next Post

ජාතික පාසල් දහසක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor

editor

Next Post

ජාතික පාසල් දහසක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved