ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 24 හා 25 යන දෙදින උතුරු පළාතේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව සොයා බැලීම සදහා සංචාරයක නිතර වීමට නියමිතය.
මේ සදහා පුර්ව සුදානම් කිරීමක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ හා රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී අමාත්‍යවරයා උතුරු පළාත තුල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබදව රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසා සිටින ලද අතර එම ව්‍යාපෘතිවල වර්ථමාන තත්වය පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සුදානමින් සිටින ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.