වෙනිසියුලාව සම්බන්ධ ඇමරිකානු ක්‍රියාපිළිවෙත සහ ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳ දිලිත් ජයවීරගේ අදහස ඔහු සිය සමාජ මාධ්‍යයේ පල කල තිබුණා.
වෙනිසියුලාව වැනි ස්වෛරී රාජ්‍යයකට එරෙහිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සිය දැඩි අවධානය යොමු කර තිබෙන අතර ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි විදේශීය මැදිහත්වීම් ජාත්‍යන්තර දේශපාලනයේ ස්වෛරීභාවයට එල්ල කරන බලපෑමක් බවයි.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවැනි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව ඍජු සහ නිර්භීත ස්ථාවරයක් ගනු ඇති බව තමන් විශ්වාස කරන බව ජයවීර මහතා පවසා තිබෙනවා.
විශේෂයෙන්ම වොෂින්ටනය වෙනිසියුලාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයාට පැහැදිලි විරෝධයක් පවතිනු ඇති බව ඔහු සිය සමාජ මාධ්‍ය සටහන මගින් අවධාරණය කර ඇත.
තවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටිමින් ගන්නා ඕනෑම නිර්භීත තීරණයකදී, ඔහුට කොන්දේසි විරහිතව සහාය ලබා දීමට තමන් සුදානම් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මන්ත්‍රීවරයාගේ සටහන පහතින්















