අභිනව පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) වනදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ.
එහිදී දෙසැම්බර් 03 වනදා සිට පාර්ලිමේන්තු සතියේ කටයුතු සිදුකෙරෙන ආකාරය සාකච්ඡා කර එකඟතාවයකට එළැඹුණු බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
දෙසැම්බර් 03 වනදා සහ 04 වනදා යන දින දෙකෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් කිරීමටත් එම විවාදයෙන් පසුව ඡන්ද විමසීමක් කිරීමටත් පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
“ඒ පිළිබඳව පක්ෂ අදහස් මෙන්ම විපක්ෂ අදහස් ඇත්නම් ඒ පිළිබඳ ව ජනතාවට දැනගැනීමට අවස්ථාව ලබාදීම තමයි එම දින දෙකේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ…”
දෙසැම්බර් 05 වනදා සහ 06 වනදා අතුරු සම්මත ගිණුම පිළිබඳව යෝජනාව වාදවිවාද කරලා එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් එහිදී එකඟ වී තිබුණි.
එම අතුරු සම්මත ගිණුම මගින් 2025 අප්‍රේල් 30 දක්වා රජයේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් වෙන්කර ගැනීම එමගින් සිදුකෙරෙයි.
පක්ෂ නායකයින් සඳහන් කර ඇත්තේ එම අතුරු සම්මත ගිණුම ගැන ඡන්දයකට යාමට ඔවුන් බලාපොරොත්තු නොවන බවයි.