ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) උදෑසන දිවයිනට පැමිණියේය.
පසුගිය පෙබරවාරි 10 වන දින එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වූ 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතූ අතර, ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාද පැවැත්විණි.