ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී අවට වතුයායන්හි වතු සේවකයින් පිරිසක් හමුවී ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී වතු කම්කරුවන් විසින් උණුසුම් අයුරින් ඔහු පිළිගත් අතර, තමන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ස්තූතිය ද පළ කර ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වතු කම්කරුවන් සඳහන් කළේ, වැටුප් වැඩි කිරීමට පමණක් නොව, වතු කම්කරුවන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි එකම ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා බවයි.













