චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(15) එරට ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවනු ඇති.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ද අද බීජිං නුවරදී පැවැත්වෙන බවයි.
සිව්දින නිල සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ(14) චීනයට ළඟා විය.
ඒ, චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.
මෙම සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළපෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට සැලසුම් කර තිබේ.
සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇති.