ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ හමු වී තිබෙනවා.
ඒ නව වසරට ආශීර්වාද ලබා ගැනිමත් සමග කෙටි පිළිසඳරක නිරත විමටයි.
වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ද ඊයේ (01) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී තිබුණා.
උන්වහන්සේ මෙහි දී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාදය පළ කර තිබෙනවා.














